Software View - IT governance සේවා

තොරතුරු තාක්ෂණය අප විසින් කරනු ලබන බොහෝ කටයුතු කාර්යක්ෂමව කර ගැනීමට පහසුකම් සලසයි. එබැවින් තොරතුරු තාක්ෂණය මනාව භාවිතයෙන් ආයතනවලට ලැබිය හැකි ලාභයක් පවතියි. එසේ උවත් තොරතුරු තාක්ෂණය භාවිතා කෙරුමට යෑමේදී දැරිය යුතු ආරම්භක වියදම් බොහෝ අවස්ථාවලදී සුළු පටු නොවේ. පුනරාවර්තන වියදම් ද එසේම වේ. සාමාන්‍ය වියදම්වලට අමතරව දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම, පරිගණක පද්ධති තුළට අනවසරයෙන් ඇතුල් වීම වැළැක්වීම ආදී තොරතුරු තාක්ෂණය භාවිතා කිරීමේදී පවතින අවදානම අවම කිරීමට කෙරෙන කටයුතු පිණිස ද කුඩා නොවන වියදමක් දැරීමට සිදුවේ.

තොරතුරු තාක්ෂණය වෙනුවෙන් වැය කෙරෙන ආරම්භක සහ පුනරාවර්තන වියදම් අනවශ්‍ය වියදම්වලින් තොරව අවශ්‍යතාවයට සාධාරණව සිදු වේ දැයි තහවුරු කර ගැනීම, තොරතුරු තාක්ෂණය භාවිතා කිරීමේදී පවතින අවධානම් සුදුසු පරිදි කළමනාකරණය වන බව තහවුරු කර ගැනීම, තොරතුරු තාක්ෂණය භාවිතයෙන් බලාපොරොත්තු වන ප්‍රතිලාභයන් නිසි පරිදි ලැබෙන්නේ දැයි යන්න තහවරු කර ගැනීම ආදීය IT governance විෂය පථයට ඇතුලත් වේ.

ක්‍රමවත්ව තොරතුරු තාක්ෂණය භාවිතා කෙරුමෙන් සාර්ථක ප්‍රතිලාභ ලබා ගැනීම IT governance මගින් සිදු කෙරේ.

තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඔබ ආයතනය බලාපොරොත්තු වන ප්‍රතිලාභ නිසි පරිදි ලැබුම පිණිස සහ අවධානම් නිසි පරිදි කළමනාකරණය කර ගැනීම පිණිස ආයතනය තුළ පැවතිය යුතු ව්‍යුහයන්, ක්‍රියා පිළිවෙත් සහ ප්‍රතිපත්ති සකසා ගැනීම පිණිස Software View IT governance සේවාවන් සපයයි.

උපදේශක: කමල් වික්‍රමනායක

ඊමේල් ලිපිනය