Software View - Enterprise architecture සේවා

යම් ආයතනයක සිදුකෙරෙන කාර්යයන් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස කෙරුම සඳහා තොරතුරු තාක්ෂණය ආධාර කරගන්නට යෑමේදී හෝ දැනට තොරතුරු තාක්ෂණය ආධාර කරගෙන කෙරෙන කටයුතු වැඩි දියුණු කරන්නට යෑමේදී වඩාත්ම උචිත ලෙස එසේ කරන්නේ කෙසේද? එහිදී එම ආයතනයේ පවත්නා ආයතනික ක්‍රියාවලි (business processes), එම ක්‍රියාවලි සමඟ සම්බන්ධ වන පාර්ශවයන්, දත්ත මූලාශ්‍ර, දත්ත පරිවර්තනය කෙරෙන ආකාර, දත්ත පරිභෝජනය කෙරෙන ආකාර, යෙදුම්, යෙදුම් අතර පවත්නා සබඳතා, තාක්ෂණික විසදුම් ආදී ක්ෂේත්‍ර ගණනාවකට අදාළ විශ්ලේෂණයන් සිදු කොට වඩාත්ම සුදුසු විසඳුම් හඳුනාගෙන ක්‍රමවත්ව එම විසඳුම් ක්‍රියාවට නැංවීම සිදු කෙරේ. තවද ආයතනයේ කටයුතුවලට අදාළ නව ප්‍රවණතාවලට සහ තාක්ෂණික ප්‍රවණතාවලට අනුරූපව ක්‍රියාවට නංවා ඇති විසදුම් අනාගතයේ වෙනස්කම්වලට භාජනය කෙරෙන පිළිවෙත් ද ආයතනය තුළ පිහිටුවීම සිදු කෙරේ.

ඉහත විස්තර කරන ලද enterprise architecture යටතේ කෙරෙන කාර්යයන් හුදු තොරතුරු තාක්ෂණයට පමණක් සීමා නොවන අතර ආයතනික ප්‍රධානීන්, ඒකකවල ප්‍රධානීන්, ආයතනයේ සිදුකෙරෙන කටයුතු පිළිබඳ විෂය දැනුම ඇති අනෙකුත් පිරිස් සහ තොරතුරු තාක්ෂණ විද්වතුන් එකතුව කෙරෙන සාමූහික ප්‍රයත්නයකි.

ඔබේ ආයතනයේ සාර්ථකභාවයට හේතු වන ලෙස ආයතනික කටයුතුවලට උචිත ලෙස තොරතුරු තාක්ෂණය විධිමත්ව භාවිතා කිරීමට Software View අප enterprise architecture සේවා සපයනු ලැබේ.

උපදේශක: කමල් වික්‍රමනායක

ඊමේල් ලිපිනය