Skip to main content
www.software.lk

Main navigation

  • නිවස
  • මෘදුකාංග නිපැයුම්
  • සේවා
  • අප ගැන
  • සම්බන්ධ වන්න
User account menu
  • ඇතුල් වන්න

Breadcrumb

  1. නිවස

GIMP (ගිම්ප්) - නොමිලේ භාවිතා කළ හැකි ග්‍රැෆික් එඩිටරය

ගිම්ප් යනු ඡායාරූප සංස්කරණය, චිත්‍ර ඇදීම, අයිකොන්, බැනර් ඇතුළු නොයෙකුත් ආකාරයේ රූප සංස්කරණය කිරීමට භාවිතා කළ හැකි උසස් තත්වයේ මෘදුකාංගයකි.

ගිම්ප් ආධාරයෙන් කළු සුදු, අළු සහ RGB වර්ණ රූප සංස්කරණය කළ හැක.

gif, jpeg, png වැනි ගොනු ආකෘති (file formats) රාස්ටර් වර්ගයේ රූප (raster images) සුරැකීමට භාවිතා වේ. ගිම්ප් තුළ එම ගොනු ආකෘති සියල්ල භාවිතයට පහසුකම් ඇත. ගිම්ප් භාවිතයෙන් svg වැනි වෙක්ටර් වර්ගයේ රූප (vector images) සංස්කරණය සහ සුරැකීම (save) කළ නොහැකි මුත් ගිම්ප් තුළ විවෘත කිරීමෙන් පසු රාස්ටර් වර්ගයේ රූප (raster images) ලෙස සංස්කරණය සහ සුරැකීම සිදු කළ හැක.

ගිම්ප් මෘදුකාංගය මෙහෙයුම් පද්ධති (operating systems) ගණනාවක ස්ථාපනය (install) කළ හැක. ලිනක්ස් බෙදා හැරීම් (Linux distributions), මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් (Microsoft Windows) සහ මැක්ඕඑස් (macOS) ඒ අතර වේ.

GIMP යන්නෙන් දැක්වෙනුයේ GNU Image Manipulation Program යන්නයි.

ගිම්ප් භාවිතා කෙරුමේදී ඔබට යම් ගැටලුවක් වේ නම් අපගේ විවෘත මූලාශ්‍ර මෘදුකාංග සාකච්ඡා මණ්ඩපයට ඔබගේ ගැටලුව යොමු කරන්න.

GIMP මෘදුකාංගය නිපදවීමේ සිට පවත්වාගෙන යෑම විවෘත මූලාශ්‍ර මෘදුකාංගවලට කැමති බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවේ.
මිල
නීත්‍යානුකූලව භාවිතා කෙරුමට මුදල් ගෙවීමක් අවශ්‍ය නොවේ.
වෙබ් පිටුව
https://www.gimp.org/

මෘදුකාංග භාවිතා කරන්නන්, විකුණුම්කරුවන් සහ සේවා සපයන්නන් අපගේ ඊමේල් පුවත්ලිපිය ලැබුමට එක්වන්න.

ඊමේල්:

Lanka Software Developer Network
ඉගෙන ගන්න, බෙදාගන්න, සම්බන්ධ වන්න, දියුණු වන්න. ලංකා මෘදුකාංග නිපැයුම්කරුවන්ගේ එකමුතුවට එක් වන්න.

RSS feed

www.software.lk is brought to you by Software View. © Software View 2016 - 2021. All Rights Reserved.

Footer

  • සම්බන්ධ වන්න