Software View - මෘදුකාංග නිපැයුම් සේවා

Software View හි අපි ප්‍රධාන වශයෙන් මෘදුකාංග නිර්මාණකරණය හා තොරතුරු තාක්ෂණය පිළිබඳ උපදේශණ සේවා (consultancy services) සපයන මුත් යම් පමණකින් මෘදුකාංග නිපදවීම ද සිදුකරන්නෙමු. සංකීර්ණතාව වැඩි මෘදුකාංග, විද්‍යාත්මක අවශ්‍යතා සඳහා භාවිතා කෙරෙන මෘදුකාංග, පද්ධති ඒකාබද්ධ කෙරෙන මෘදුකාංග (systems integration software) ආදිය නිපදවීමට අප හට හැකියාවක් පවතියි. වෙබ් යෙදුම් (web applications), ජාලගත සහ නොවන මෘදුකාංග, ව්‍යාපාර සඳහා මෘදුකාංග ආදිය අපි නිපදවන්නෙමු.

නව මෘදුකාංග නිපදවීමේදී අපගේ ගණුදෙනුකාර භාවතුන් හට ආර්ථිකමය ලෙස වාසිදායක වන ලෙස විවෘත මූලාශ්‍ර මෘදුකාංග (opensource software) භාවිතා කිරීමට ඇති අවස්ථාවන් පිළිබව ද පරික්ෂා කර බලා ඔවුන් කරන වියදමට වැඩි ප්‍රතිලාභ අත්කර දීමට ද කටයුතු කරන්නෙමු.

ඊමේල් ලිපිනය