PostgreSQL (පෝස්ට්ග්‍රස්කිව්එල්) - නොමිලේ භාවිතා කළ හැකි දියුණු දත්ත ගබඩා මෘදුකාංගය

PostgreSQL යනු වසර 30 කටත් වඩා වැඩි කාලයක් භාවිතා වෙමින් පවතින දියුණු දත්ත ගබඩා මෘදුකාංගයකි (database software).

දත්ත හැසිරවී සඳහා බහුළව භාවිතා කෙරෙන SQL භාෂාව සහ එහි දිගු කිරීම් භාවිතා කෙරෙන සහ විශේෂාංග ගණනාවකින් සමන්විත මෙම දත්ත ගබඩා මෘදුකාංගය ආරක්ෂිතව දත්ත ගබඩා කිරීමටත් සංකීර්ණ දත්ත භාවිතා කිරීම් සඳහාත් පහසුකම් සපයයි.

විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් වන මෙම මෘදුකාංගය මෙහෙයුම් පද්ධති (operating systems) ගණනාවක ස්ථාපනය (install) කළ හැක. ලිනක්ස් බෙදා හැරීම් (Linux distributions), මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් (Microsoft Windows) සහ මැක්ඕඑස් (macOS) ඒ අතර වේ.

PostgreSQL භාවිතා කෙරුමේදී ඔබට යම් ගැටලුවක් වේ නම් අපගේ විවෘත මූලාශ්‍ර මෘදුකාංග සාකච්ඡා මණ්ඩපයට ඔබගේ ගැටලුව යොමු කරන්න. එහිදී අන් අයට ද උපකාර කරන්න.

PostgreSQL නිපවදනු ලබන්නේ PostgreSQL Global Development Group ලෙස හැඳින්වෙන ව්‍යාපාර සහ දායකත්වය සපයන තනි පුද්ගලයින් සමූහයක් විසිනුයි.
මිල
නීත්‍යානුකූලව භාවිතා කෙරුමට මුදල් ගෙවීමක් අවශ්‍ය නොවේ.